රැපියල් කෝටි 16ක් විටිනා රත්‍රං තොගයක් නීතිවිරෝධිව මෙරටින් රැගෙනයාමට සැලසුම්කළ ඉන්දීය ජාතිකයෙකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සිය ගමන් මලු තුළ සුක්ෂමව සගවා තිබු මෙම රත්‍රං තොගය ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යාමට සැලසුම් කර තිබුණා.

රන් කැබලි සහ ජෙල් ස්වරෑපයෙන් ගමන් මලුතුල සගවා තිබු මෙම රත්තරන් තොගයේ බර කිලෝ 10ක් පමණ වන බවයි රේගුව සදහන් කළේ.

මේ පිළිබද විමර්ශන සිදුකරන රේගු නිලධාරීන් පැවසුවේ රන්, ජෙල් රත්තරන් බවට පත්කිරීමේ තාක්ෂණය දැනට ඉන්දියාවේ පමණක් පවතින බවයි.

WhatsApp Group

Skip to content