Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරටට අවශ්‍ය රබර් කිරි ආනයනය වඩාත් ක්‍රමවත්ව සිදු කිරීමට පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අති විශාල රබර් කිරි ප්‍රමාණයක් පසුගිය ජනවාරි මාසයේදී නිසි සැලැස්මකින් තොරව ආනයනය කිරීම හේතුවෙන් මෙරට රබර් කිරි අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වුණා .

මේ හේතුවෙන් දේශීය රබර් කිරි ගොවීන් දැඩි අපහසුතාවයකටයි පත් වුණේ .

මෙම පංච පුද්ගල කමිටුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම්, මුදල් අමාත්‍යංශයේ සාමාජිකයෙක්, රබර් පර්යේෂණායතන සහ රබර් පාලන දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගෙන් සමන්විත වනවා .

ඔවුන් මෙරට රබර් කිරි නිෂ්පාදනයන් ආදි කරුණු සොයා බලා එම නිෂ්පාදනයන් මෙරට කර්මාන්ත වලට ප්‍රමාණවත් නොවන්නේ නම් පමණක් ආනයනය කිරීම් සඳහා අවසර ලබා දෙනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content