සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා .

ඒ අනුව පළමු නිල නොලත් එක්දින තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙරවරු 10.00 ටයි .

මෙහිදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායකත්වය සදිර සමරවික්‍රම විසින් දරනු ලබනවා .

තරගාවලියට අදාළ සංචිතය සදහා ඇන්ජලෝ මැතිව්ස් ද නම් කර තිබීම විශේෂත්වයක් .

මෙම තරග සියල්ල කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා .

WhatsApp Group

Skip to content