රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(28) අවසර ලබා දුන්නා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අල්ස්, ආගමන විගමන පාලකවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, නීතිපතිවරයා ඇතුලු 15 දෙනෙකු නම් කර තිබෙනවා.

විනිසුරු මඩුල්ල අද(28) නියෝග කළේ පෙත්සම් විභාගය ලබන මස 12 වනදා ආරම්භ කිරීමටයි. එදින ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන වහාම ඉදිරිපත් කරන්නැයි ද ආගමන විගමන පාලකවරයාට නියෝග කළා.
 

 

WhatsApp Group

Skip to content