වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මැණික් ගඟේ ජලපෝෂක ප්‍රදේශවලට ඇඳහැලෙන වර්ෂාව හේතුවෙන් මෙලෙස වාන් දොරටු විවෘත කර ඇති බව සඳහන්.

මේ හේතුවෙන් මැණික් ගඟ පරිහරණය කිරීමේ දී සැළකිලිමත් වන ලෙස කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටි අයෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා.

මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අද උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලීසිය ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content