කුලී පදනම මත අධික මුදල් ගෙවමින් පෞද්ගලික ස්ථානවල පවත්වාගෙන යන රජයේ සියලු කාර්යාල, රජය සතු ස්ථානවලට ගෙන යන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

එමෙන්ම සියලුම රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන් දිනපතා නියමිත රාජකාරි එදිනම නිම කරන ලෙසත් , එසේ කරන්නේ ද යන්න සොයා බලන බවත් ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව සියලු රාජ්‍ය ආයතනවල ජලය, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් , විදුලිපංකා, වායුසමන යන්ත්‍ර භාවිතය අවම කිරීමටත් කටයුතු කරන ලෙස සහ නිවාඩු දිනවල අතිකාල සඳහා සේවකයන් යෙදවීම සම්බන්ධයෙන් ද උපදෙස් දී තිබෙනවා.

කෙසේ වෙතත් රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් හපුහින්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content