Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් තෙවන වරටත් සංවිධාන කල රුවල් යාත්‍රා තරඟාවලිය දින තුනක් ඇතුල් වරාය මුහුදු තීරයේදී පවත්වනු ලැබුවා.

තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමුණේ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ගේ ප්‍රධානත්වයෙන්.

ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා සමාජයේදී උත්සවය පැවැත්වුනා.

ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ අධීක්ෂණය යටතේ කාණ්ඩ හතරකින් පැවැත්වුණු තරඟාවලිය සඳහා චීනය, ඉන්දියාව, ඉතාලිය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික විද්‍යාපීඨයන්හී පුහුණුවන නිලධාරීන් 27 දෙනෙකු සහභාගී වුවා.

ඒ අනුව, කාණ්ඩ දෙකක රන් පදක්කම් ඉන්දීය ක්‍රීඩකයින් විසිනුත් අනෙක් කාණ්ඩ දෙකෙහි රන් පදක්කම් ඉතාලි ක්‍රීඩකයින් විසිනුත් දිනාගනු ලැබුවා.

ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content