Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රාජ්‍ය විරෝධී විරෝධතා වලට සහභාගී වූ පුද්ගලයන් 22,000ට ඉරාන අධිකරණය සමාව ලබා දීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

ඒ අනුව මේ දක්වා රාජ්‍ය විරෝධී විරෝධතා සදහා සහභාගී වූ පුද්ගලයන් 82,000ට සමාව ලබා දීමට කටයුතු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එරට පොලීසිය භාරයේ සිටි තරුණ කුර්දි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය හේතුවෙන් මෙම විරෝධතා රැල්ල ආරම්භ කර තිබෙනවා.

1979 විප්ලවයෙන් පසු ඉස්ලාමීය ජනරජයකට එල්ල වූ අභියෝගාත්මක විරෝධතා රැල්ල මෙය වන අතර, මෙම විරෝධතා සදහා සෑම තරාතිරමකම ඉරාන ජාතිකයන් සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content