ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පවසනවා .

ඇය මේ බව කියා සිටියේ ජාතික නීති සමුළුව අමතමින් .

අර්බුදයක් තුළ නීතියේ කාර්යභාර්ය යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වුණා.

එහිදී තානාපතිවරිය මෙරට නීති ප්‍රජාවගෙන් ඉල්ලා ඇත්තේ නීතියේ ආධිපත්‍ය සහ සැමට යුක්තිය වෙනුවෙන් ශක්තිමත් මෙන්ම ස්ථාවර බලවේගයක් වන ලෙසයි .

මැතිවරණ තුළින් රජයට සෘජුවම උපදෙස් ලබාදීමට ඇති හැකියාව ජනතාවට ලබා දෙන බැවින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය බවයි ජුලී චන්ග් මහත්මිය මෙහිදී පෙන්වා දී ඇත්තේ .

WhatsApp Group

Skip to content