රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් මස 10 වන දිනට පෙර සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

සුවිශේෂී කළමනාකරණ වැඩපිලිවෙලක් යටතේ මෙය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම සමෘර්ධි දිමනා ගෙවීම් කටයුතු ද අප්‍රේල් මස 10 වන දිනට පෙර සිදුකෙරෙනු ඇති.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/03/RANJITH-SIYAMBALAPITIYA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content