Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහිදී මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම රැස්වී නිශ්චිත තීරණයකට එළඹෙනු ඇති.

අප්‍රේල් 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව මතුව ඇති බාධාවන් පිළිබදව මෙහිදී දීර්ඝව සාකච්ඡා කරන බවයි මැතිවරණ කොමිස සදහන් කළේ.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ මැතිවරණයට අදාළ කිසිදු ඡන්ද පත්‍රිකාවක් රජයේ මුද්‍රණාලයෙන් මෙතෙක් ලැබී නොමැති බවයි.

මෙවන් පසුබිමක් තුළ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබුණා.

පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වනදා පැවැත්වීම ද මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් නිදහස් ජනතා සන්ධානය කැඳවා තිබු මාධ්‍ය හමුවකදී ද අදහස් පලවුණා.

මේ එහිදී අදහස් දැක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා.

https://www.vnews.lk/storage/2023/03/THILANGA-SUMATHIPALA.mp3?_=1

WhatsApp Group

Skip to content