Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයට යැවීම පිළිබද පරිසරවේදීන් විරෝධය පල කරනවා . පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා සදහන් කලේ මෙරට සිටින රිලවුන් ලක්ෂයක් කුමක් සදහා චීනය පිටත් කර හරින්නේද යන්න සමබන්ධයෙන් ගැටළුවක් බවයි . අද මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කළා .

මේ අතර රිලවුන්ගෙන් සිදු වන වගා හානි සඳහා පිළියම් යෙදීමට හා උන්ගේ ගහනය පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස රිළවුන් ලක්ෂයක් චීනයට පිටත් කොට හැරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය ඊයේ තීරණය කර තිබුනා.
තම රටට එම සතුන් ලබා දෙන්නැයි චීනයෙන් කළ ඉල්ලීමකට අනුව ඇමැතිවරයා එම තීරණය ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවා.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීනයෙන් මෙරටට පැමිණි නියෝජිත පිරිසක් ඊයේ කෘෂිකර්ම ඇමැතිවරයා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.
එම සතුන් එරට සත්ත්වෝද්‍යානවල ප්‍රදර්ශනය කිරීම සඳහා චීන බලධාරීන් මේ ඉල්ලීම සිදු කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවා.

WhatsApp Group

Skip to content