අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව අද රජයේ ප්‍රධාන බැංකුවල ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 353 ක් ලෙසයි. එමෙන්ම විකුණුම් මිල රුපියල් 363යි සත 30ක් ලෙසද සටහන් වනවා.

මේ අතර ඇතැම් පෞද්ගලික වාණිජ බැංකුවල ද ඩොලර් එකක විකණුම් මිල රුපියල් 360ක් දක්වා අඩු වීමක් වාර්තා වී ඇති බව සදහන්.

මේ අතර සිය අදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හරින ඇතැම් වෘත්තීන්වල නිරත පිරිස් හදුනාගැනීම සදහා කඩිනම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය ආදායම් පිළිබදව වැඩි අවදානයක් යොමුව ඇති මෙවන් කාලවකවානුවකදී බදු පැනවීම මගින් ආදායම් රැස් කිරීම සහ සමාන බදු පැහැර හරින පිරිස් හදුනා ගැනීම සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරාය සදහන් කරන්නේ.

 

WhatsApp Group

Skip to content