Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද(10) දින දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිරත වුණා.
ඒ රුපියල් ලක්ෂයකට වඩා මාසික ආදායමක් ලබා ගන්නා වෘත්තිකයින්ගේ වැටුප් මත සියයට 6 සිට සියයට 36 දක්වා බදු අය කිරීමේ ක්‍රමය වහා හකුලා ගන්නා ලෙස රජයට බල කරමින්.

නව ආදායම් බදු පනත සංශෝධනය කරන්නැයි ඉල්ලා මීට පෙර අවස්ථා ගණනාවකදි වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් විරෝධතා කිහිපයක් ක්‍රියාත්මක කළද රජයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුන් බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පසුගියදා ජනාධිපතිවරයා හමු වුවද එම සාකච්ඡා ද අසාර්ථක වුණා.

අද පැවැත්වෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට හා විරෝධතාවයට එක්ව සිටින වෘත්තිය සමිති සංඛ්‍යාව 40 කට අධිකයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ තම සාමාජිකයින් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රතිකාර සේවා බිද වැටීමකට ද ලක් වූ බවයි.

මේ අතර දිවයින පුරා රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවා අද දිනයේදී ක්‍රියාත්මක නොවූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සදහා සායනවලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත් වුණා.

https://www.vnews.lk/storage/2023/03/ROGIN-EDIT.mp3?_=1

එමෙන්ම මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සමග එක්ව සිටින සෞඛ්‍ය, වරාය. තෙල්, විදුලි සහ බැංකු ඇතු`ඵ ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති සාමාජිකයින් අදාළ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/03/NIYOJITHAYO-EDIT.mp3?_=2

මේ අතර කම්කරු ආරගල මධ්‍යාස්ථානයේ සංවිධායක, ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසුවේ ජනතාව පීඩාවට පත් කිරීමට රජය ගන්නා සියලු උත්සහයන් පරාජය කළ යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/03/DUMINDA-NAGAMAUWA-EDIT-.mp3?_=3

කෙසේ වෙතත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ ඉතාමත් සු`ඵ මන්දගාමි ස්වභාවයක් සිය වැඩකටයුතුවල පැවතියද කිසිදු අඩුපාඩුවකින් තොරව සේවකයින් සේවයේ යෙදී සිටින බවටයි.

https://www.vnews.lk/storage/2023/03/KIITH-BARNAD-EDIT.mp3?_=4

මේ අතර, ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සදහන් කළේ අද දිනයේදී වැඩ වර්ජනයක් පැවැත්වෙන බව පැවසුවද එවැන්නක් සිදු නොවන බවයි.

https://www.vnews.lk/storage/2023/03/SAMAN-RATHNAPRIYA-EDIT-01.mp3?_=5

මේ අතර රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා කියා සිටියේ බොහෝ රටවල්වල සේවකයින්ගෙන් සියයට 35 ත් 40 ත් අතර බද්දක් අය කිරීම සාමාන්‍ය කරුණක් වන බවයි.

https://www.vnews.lk/storage/2023/03/D.-B-HERATH-EDIT-.mp3?_=6

WhatsApp Group

Skip to content