හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ පිහිටි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයේ (13) දින ගින්නක් හටගෙන තිබෙනවා.

අක්කර 23 ක් පමණ වු වන වගා රක්ෂිතයේ අද (13) පෙරවරු 11 ට පමණ හටගෙන ඇති ගින්න රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.

මධ්යනම කඳුකරයේ බටහිර බැවුම් ප්ර දේශවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග හැටන් රුවන්පුර මාර්ගයේ ගමන් ගන්නා කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් සැකකරන්නේ.

වන වගා රක්ෂිතයට ගිනි තැබිමෙන් පසු වන වගා රක්ෂිතයේ වගා කර ඇති යුකෙලෙප්ස්ටික් ගස් වියළි යන බවත්, පසුව එම වියළි ගිය ගස් දර ලෙස භාවිතා කිරිම සඳහා මෙසේ රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් කියා සිටින්නේ.

පැතිර යමින් ඇති ගින්න නිවා දැමිමට හැටන් රුවන්පුර ජනපදයේ ප්රදදේශවාසින් උත්සහ කලත්, ගින්න පාලනය කිරිමට නොහැකි වී තිබෙනවා.

ගින්න පිලිබදව හැටන් පොලිසිය පරික්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Group

Skip to content