ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් අතර පළමු ස්ථානය සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිව ඇති බව ෆෝබ්ස් සඟරාව නිවේදනය කර තිබෙනවා.

පසුගිය මාස 12 තුළ රොනාල්ඩෝගේ ආදායම සටහන් වුණේ ඩොලර් මිලියන 136ක් ලෙසයි.

ඔහු මෙලෙස වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයා බවට පත්වුණේ 2023 වසරේ දී සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගත වීමෙන් පසුවයි.

ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ අර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී පසුවනවා.

මෙසීගේ පසුගිය මාස 12 තුළ ආදායම ඩොලර් මිලියන 130ක ලෙසයි දැක්වෙන්නේ
එමෙන්ම තුන්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රංශ පාපන්දු ක්‍රීඩක කයිලියාන් එම්බාපේයි.

WhatsApp Group

Skip to content