ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 48 වැනි තරඟයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 144ක් රැස් කළා.
එහිදී නෙහාල් වදේරා ලකුණු 46ක් සහ ටිම් ඩේවිඩ් පන්දු 18දී නොදැවී ලකුණු 35ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී මාකස් ස්ටොයිනීස් පන්ු 45දී ලකුණු 62ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී නායක හර්ඩික් පාන්ඩ්‍යාලකුණු 26ට කඩුලු දෙකක් බිඳ හෙලූ අතර, නුවන් තුෂාර ලකුණු 30ට එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

WhatsApp Group

Skip to content