ජපානයේ, කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු මහතා ඇතුළු ජපාන
ව්‍යාපාරිකයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය, පතල් කැණීම, ශ්‍රම බලකාය පුහුණු කිරීම
ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය
සඳහන් කළේ.

නව සහ නැඟී එන කර්මාන්තවලට රට හැඩ ගැස්වීම සඳහා රජයේ නව ආර්ථික සැලසුම්
යටතේ මෙරට තරුණ තරුණියන් පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය
මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක්
කොළඹගේ යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය
වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන
ඇති සාධනීය පියවරට ඇමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියා අංශයේ
ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

ඇමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර්
අදමිරාල් අයලින් ලෝබකර් මහත්මිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මහතා ඊයේ හමු වුණා.

එහිදී ඇය ජනාධිපතිවරයා වෙත ප්‍රසාදය පළ කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ සිදු කෙරෙමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු ඉදිරි ආර්ථික
සැළසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා

ඇමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර්
අදමිරාල් අයලින් ලෝබකර් මහත්මිය දැනුම්වත් කර තිබෙනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම මෙන්ම ඒ සඳහා සමුද්‍රීය සහයෝගීතාව ලබා ගැනීම
පිළිබදද මෙහිදී සාකච්ඡා වී තිබුණා.

ඇමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර්
අදමිරාල් අයලින් ලෝබකර් මහත ්මිය මෙහිදී පැවසුවේ ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ
හවුල්කාරීත්වය අගය කරන අතර එය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට උනන්දුවෙන්
කටයුතු කරන බවයි.

WhatsApp Group

Skip to content