දුම්රිය ධාවන කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් අද සිට කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 42 ක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන්වාර 20 ක්, පුත්තලම මාර්ගයේ ගමන්වාර 04 ක්, කැලණිවැලි මාර්ගයේ ගමන්වාර 02 ක් සහ මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 16 ක් මෙලෙස අවලංගු කෙරෙනු ඇති.

එම දුම්රිය ධාවන කටයුතු නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම්දීමට නියමිත බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content