Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග පහක මිල ගණන් අද(14) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.

පරිප්පු කිලෝවක මිල රුපියල් 4කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 385ක්.

පාන් පිටි මිල රුපියල් 15කින් පහළ දමා තිබෙනවා.

ඒ් අනුව පාන්පිටිවල නව මිල වන්නේ රුපියල් 250ක්.

රුපියල් 199ක්ව පැවැති ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 9කින් අඩු කර තිබෙනවා.

මෙරට නිෂ්පාදිත ටින් මාළු රුපියල් පහකින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 490ක්.

මේ අතර සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 460කි.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ඉදිරි සතිය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මීට මාස පහකට හයකට පමණ පෙර රුපියල් 585ක්ව පැවැති පරිප්පු කිලෝව මේ වන විට රුපියල් 385ක් දක්වා පහළ දමා ඇති බවයි.

එසේම ටින්මාළු මිලද රුපියල් 250කින් පමණ පහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

විශාල වශයෙන් භාණ්ඩ මිල අඩුවී තිබුණද තමන් සෑහීමකට පත් නොවන බවත් තවදුරටත් බඩු මිල අඩු විය යුතු බවත් තමාගේ මතය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

එසේම උත්සව සමයේදී කිසිදු භාණ්ඩයක මිල ඉහළ යාමක් සිදු නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

WhatsApp Group

Skip to content