Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 33කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ(11) තණමල්විල්, තිස්ස පාර, සමාධි පටුමග ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදීයි.

එහිදී ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ 38 ග්‍රෑම් 450ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ එහි විථි වටිනාකම රුපියල් ලක්ෂ 33කට අධික බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු බලහරුව, ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පමණ පුද්ගලයෙකු බවත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

WhatsApp Group

Skip to content