ලොව වටිනාම සමාගම් හිමි රටවල් ලැයිස්තුවේ 05 වන ස්ථානයට ඉන්දියාව පැමිණ තිබෙනවා.

ඒ අනුව ලොව වටිනාම සමාගම් 20 ක් ඉන්දියාව සතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2021 වසරේදී ඉන්දියාව පසුවූයේ එම ලැයිස්තුවේ 09 වන ස්ථානයේයි.

ඒ ලොව වටිනාම සමාගම් 08 ක් සතු කර ගනිමින්.

ඉන්දියාව සතු වටිනාම සමාගම් 20 අතරින් 11 ක් මුම්බායි හි ස්ථාපිත කර තිබේ.

තවත් සමාගම් 04 ක් අහමදබාද් නගරයේත්, ඊට අමතරව නොයීදා, නවදිල්ලි, බෙන්ගලූරු සහ කොල්කටා යන නගරවල එක බැගිනුත් එම සමාගම් ස්ථාපිත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අදාළ සමාගම්වල වෙළදපල ප්‍රාග්ධනීකරණය අනුව මෙම ලැයිස්තුව සකසා තිබෙනවා.

එය ප්‍රසිද්ධ කර ඇත්තේ Hurun Research නමැති ආයතනයක් මගින්.

ඉන්දියාව සතු වටිනාම සමාගම් අතර පෙරමුණේ පසුවන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 202 ක වටිනාකමකින් යුත් Reliance Industries සමාගමයි.

අදානි සමූහයට අයත් සමාගම් 04 ක් ද ඉන්දියාව සතු වටිනාම සමාගම් අතරට අයත්.

ඒවායෙහි සම්පූර්ණ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 173 ක් වනවා.

WhatsApp Group

Skip to content