Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පොලොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා දේශපාලන පලිගැනීම් මත ස්ථාන මාරුවක් ලබාදි ඇති බවට පවසමින් එම ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙසට බලකරමින් මනම්පිටිය වැලි සමාගමට අයත්, වැලි ටිපර් ‍රථ රියදුරන්, වැලි ගොඩදමන්නන් සහ එහි සේවකයන් පිරිසක් අද දහවල් මනම්පිටිය පාලම අසල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූනා.

පොලොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා ලෙස සේවය කරන ටෙක්ශාන් ජයසිංහ මහතා දේශපාලන පළිගලිගැනීම් මත මඩකලපුව ප්‍රදේශයට මාරු කර ඒ වෙනුවට එහි සේවයේ නියුතු ඉංජිනේරුවරයා පොලොන්නරුවට යොමුකර ඇති බවත්, පොලොන්නරුව ඉංජිනේරුවරයා විනිවිදව සේවය කර ඇති බවත් විරෝධතාකරුවන් මෙහිදී සඳහන් කළා.

එවැනි අවස්ථාවක වත්මන් පරිසරය අමාත්‍යවරයා ලෙස මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන නසීර් අහමඩ් මහතාට හිතවත් ඉංජිනේරුවරයෙකු පොලොන්නරුව කාර්යාලයට යොමුකර අමාත්‍යවරයාගේ අභිමතය පරිදි වැලි ජාවාරම් කටයුතු සිදු කිරීම මෙහි යටි අරමුණ වී ඇති බවයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.

වත්මන් පරිසරයට අමාත්‍යවරයා ඇතුළු අදාළ බලධාරීන් තම ඉල්ලීම්වලට ඇහුම්කන් නොදී මඩකලපුව කැණීම් ඉංජිනේරුවරයා පොලොන්නරුවට අනුයුක්ත කළහොත් තමන් දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතු වලින් ඉවත් වන බවද ටිපර් රථ රියැදුරන් අනතුරු අඟවා සිටිනවා.

ටිපර් රථ රියැදුරන්, වැලි ගොඩදමන්නන් සහ සේවකයින් තුන්සියකට ආසන්න පිරිසක් එක්ව පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූණා.

(පොලොන්නරුව – රොෂාන් තුෂාර තෙන්නකෝන්)

Batticaloa

WhatsApp Group

Skip to content