ලෝක කාන්තා දිනය අදට යෙදී තිබෙනවා.

මෙම සතිය පුරාවටම ලොව බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ දී ද කාන්තා දින සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා.

මෙවර ලෝක කාන්තා දින තේමාව වන්නේ “ඇය ජාතියේ අභිමානය” යන්නයි. මේ ඒ පිළිබදව වී එෆ් එම් ප්‍රවෘත්ති තබන සටහනක් දැන්.

https://www.vnews.lk/storage/2023/03/WOMAN-DAY-EDIT-.mp3?_=1

මේ අතර කාන්තා දින සැමරුම් උත්සවය අද දින පෙරවරු 8.30 ට බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මේ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වනු ඇතියි.

එමෙන්ම 306 සී 01 ස්ලිට් ලියෝ සමාජය විසින් ද කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් විහාර මහා දේවී උද්‍යානයේදී අද දින පෙරවරු 11 ට ආරම්භ කිරීමට නියමිතයි.

මෙහිදි සනීපාරක්ෂක සේවයේ නියුතු කාන්තා කම්කරු පිරිස සමඟ ස්ලිට් ලියෝ සමාජයේ බ්‍රේව් හාර්ට් ව්‍යාපෘතිය මගින් මෙලෙස ඔවුන්ව ඇගයීමට ලක් කරනු ඇති.

එම පිරිසට දහවල් ආහාරය සමග වටිනා බඩු මල්ලක් ද දීමට නියමිතව ඇති බවයි එහි ලේකම් පූජනී රත්නායක මහත්මිය සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/03/PUJANI-RATHNAYAKE-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content