චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා .

ඒ ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවේ, චීන නියෝජ්‍ය තානාපතිවරයා විසින්.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ජනාධිපති කාර්යාලයේදීයි මෙය භාර දී ඇත්තේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා .

මේ අතර ශ්‍රී ලංකාවේ සියලු ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ මූල්‍ය සහතිකය ලබාගෙන ඇති බවත්, මාර්තු 20 වැනිදා පැවැත්වෙන විධායක කමිටුවේදී ඒ පිළිබඳව සලකා බලන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content