අදට යෙදී ඇති ලෝක ග්ලුකෝමා දිනයට සමගාමීව ලබන -18 වැනිදා දක්වා ජාතික ග්ලුකෝමා සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර එහි තේමාව “ලෝකය දීප්තිමත්ය – ඔබේ පෙනීම සුරකින්න” යන්නයි.

ඒ අනුව මෙම සතිය තුළ දීප ව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, පැවැත්වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ග්ලුකෝමා රෝගී තත්ත්වය හේතුවෙන් ලෝකයේ මිලියන 4.5 ක පමණ ජනතාවක් අන්ධභාවයට පත්ව ඇති බවයි.

එමෙන්ම තවත් මිලියන ගණනක් අල්ප දෘෂ්ඨිකතාවයෙන් පෙළෙන බව එම අමාත්‍යංශය ප්‍රකාශ කළා .

ග්ලුකෝමා රෝගය මුල් අවස්ථාවේ දී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අක්ෂි ස්නායුවට ස්ථීර හානි සිදුවීම හේතුවෙන් ක්‍රමයෙන් අන්ධභාවයට පත් වන බව සඳහන්.

WhatsApp Group

Skip to content