Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් තුළදී සිදුකරන ලද වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල පොලිස් ස්ථානයට ලැබී තිබූ පැමිණිලි කිහිපයකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශන අදාලවයි .

මෙම ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවෙකු වශයෙන් කටයුතු කළ වයස අවුරුදු 32ක් වු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු ඊයේ (16) පස්වරුවේ අමර්වීදිය ලොන්ඩ්‍රියාවත්ත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා .

මිට අමතරව පුද්ගලයින් දෙදෙනෙකුට ව්‍යාජ සහතික නිකුත් කරමින් වකුගඩු ජාවාරම්කරුවන්ට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අයත් ග්‍රාම සේවා වසම් දෙකක ග්‍රාම නිලධාරීවරුන් දෙදෙනෙකු ද ඊයේ දහවල් මෙලෙස අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කලේ .

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබනවා .

WhatsApp Group

Skip to content