Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වකුගඩු ජාවාරම්වලට සම්බන්ධ තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලයින් සිව් දෙනෙකු විසින් සහ කාන්තාවක් විසින් බොරැල්ල පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අදාලවයි කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නීති විරෝධිව දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කරමින් මුදල් ලබාදෙන බව පවසා ප්‍රධාන පෙලේ රෝහලක් තුළදී වකුගඩු ලබාගැනීම සිදුකර මුදල් ලබානොදීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වන කජිමාවතත්ත කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු තැරැව් ගාස්තුවට අමතරව වකුගඩුව ලබාදෙන පුද්ගලයාට අනෙක් පාර්ශවය විසින් ලබාදෙන මුදල්වලින් කොටසක් ද වංචා කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

මේ අතර ඉන්ද්‍රයන් බද්ද කළ බව කියන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සත්පුද්ගල කමිටුවක්ද පත්කර තිබෙනවා.

WhatsApp Group

Skip to content