ඩීසල් මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු පහත නොදමන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

රුපියල් 10 කින් ඩීසල් ලීටරයක් අඩු කිරීම බස් ගාස්තු පහත දැමීමට ප්‍රතිශතයක් ලෙස ප්‍රමාණවත් නොවන බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

මීට පෙර රුපියල් 10 කින් ඩීසල් ලීටරයක මිල ඉහළ දැමුණු අවස්ථාවේදීද බස් ගාස්තු ඉහළ නොදැමූ බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ.

බස් ගාස්තු සංශෝධනය කිරීමට නම් මිලෙහි වෙනස සියයට 4 ට වඩා වැඩි විය යුතු බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content