වට්ස්ඇප් මෘදුකාංගය විසින් ඇන්ඩ්‍රොයිඩ් සහ අයි ඕ එස් මෙයෙහුම් පද්ධතිය භාවිත කරන්නන් වෙත නව විශේෂාංගයක් එළිදක්වා තිබෙනවා.

ඒ අනුව එය යාවත්කාලීන කිරීම යටතේ වට්ස්ඇප් පරිශීලිකයින්ට ඡන්ද විමසීමක් නිර්මාණය කිරීමේ හැකියාවක් පවතින බවයි වට්ස්ඇප් සමාගම සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනය කළේ.

මෙම ඡන්ද විමසීම තනි පුද්ගල වශයෙන් හා කණ්ඩායම් වශයෙන් එක්කළ හැකි අතර උපකල්පන අවස්ථා 12 කින්ද සමන්විතයි.

එම විකල්ප අවස්ථා 12 ට අමතරව විකල්පයක් ඇතුලු කිරීමට උත්සහ කළහොත් ඒ සඳහා ඉඩ ලබානොදෙනු ඇති.

WhatsApp Group

Skip to content