Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සෞඛ්‍ය වර්ජනයට සහය නොවී රෝගී සත්කාරවල නිරත වූ සේවකයින් ඇගයීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව වෛද්‍යවරයාගේ සිට සු`ඵ සේවකයා දක්වා රාජකාරි යෙදී සිටි අය පිළිබදව සොයා බලා වෘත්තිමය මට්ටමින් ලබා දිය හැකි ඇගයීම් පිළිබද කඩිනමින් කටයුතු කරන ලෙසටයි අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.

රජයේ බදු ප්‍රතිපත්තිය වහා වෙනස් කරන ලෙස ඉල්ලමින් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව දිවයින පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් තීරණය කළා.

ඊයේ ක්‍රියාත්මක වූ එක් දින වැඩ වර්ජනය සදහා වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විදුලි සේවකයන් ඇතු`ඵ වෘත්තිය සමිති 47 ක් එක්ව සිටියා.

ඔවුන් පවසන්නේ රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායමක් මත සියයට 6 සිට සියයට 36 දක්වා පනවා ඇති උපයන විට ගෙවීම් බද්ධ ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් දැඩි අර්බුදකයකට පත් කර ඇති බවයි.

සිය ඉල්ලීම් පිළිබද සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කිරීම හේතුවෙන් ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය අද උදෑසන 8 ට තාවකාලිකව අවසන් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content