අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දෙසැම්බර් මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාාගර ගත කර තිබෙනවා.

ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාාගර ගත කර සිටි වසත් මුදලිගේ අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙනතුරු වසන්ත මුදලිගේ මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.


වසන්ත මුදලිගේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට [Dec 12, 2022 at 11:48]

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා .

මෙලෙස රැගෙන එනු ලැබුවේ නඩු විභාගයක් සඳහා ඉදිරිපත් කිරීම සදහායි .

එම නඩුව පසුව කැඳවීමට නියමිත අතර එහිදී වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතියද නීතිපතිවරයාට විසින් අධිකරණයට වාර්තා කිරීමට නියමිත බව සදහන් .

WhatsApp Group

Skip to content