යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි, අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් සහ තුර්කියේ සහ ප්‍රංශයේ නායකයින් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී යුක්රේන ජනපතිවරයා පැවසුවේ, යුක්රේනයේ තත්ත්වය විසඳන ජාත්‍යන්තර සිදුවීම් මාලාවකින් ලබන සතියේ වැදගත් ප්‍රතිඵලය ක් බලාපොරොත්තු වන බවයි.

පෙබරවාරි මස අග දී රුසියානු හමුදා ආක්‍රමණය සිදු කලදින සිට සිට යුක්රේන ජනපති සෙලෙන්ස්කි, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සහ තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් සමඟ සාකච්ඡා කිහිපයක් පවත්වා තිබුණාා.

එමෙන්ම අමෙරිකාව, යුක්රේනය සඳහා ලබා දූන් ආරක්ෂක සහ මූල්‍ය උපකාර සඳහා අමෙරිකානු ජනාධිපතිට ස්තූති කළ බවත් ජනගහනය ආරක්ෂා කිරීම සඳහා ඵලදායී ගුවන් යානා නාශක ආරක්ෂක පද්ධතියක් ගැන අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ කතා කළ බවත් යුක්රේන ජනපති සෙලෙන්ස්කි විදෙස් මාධ්‍ය වෙත කියාසිටියා .

WhatsApp Group

Skip to content