ආර්ජන්ටිනාවේ වසර 60ට පසු දරුණු නියඟයකින් පීඩා විදින බව විදෙස් මාධ්‍ය වාර්ත කර තිබෙනවා.

මෙමගින් ධාන්‍ය අස්වැන්නට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි එම මාධ්‍ය වාර්ථා පෙන්වා දෙන්නේ.

විශාල වශයෙන් ධාන්‍ය අපනයනය සිදු කරන ආර්ජන්ටිනාව මෙම නියගය හේතුවෙන් දැඩි ආර්ථික අර්බුදයකට පත්ව තිබෙනවා.

ඒ අනුව ආර්ථික අර්බුදයත් සමග ඉදිරියේදී පැමිණිය හැකි ගැටළු නිරාකරණය කර ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වල වැඩිදුරටත් සදහන් වන්නේ.

WhatsApp Group

Skip to content