Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සදහා වන තරගය මේ වන විට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හීදී පැවැත්වෙනවා.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා පන්දුවාර 06ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 12ක් රැස්කර ගෙන සිටියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 355ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් කුසල් මෙන්ඩිස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 87ක්.

එමෙන්ම නායක දිමුත් කරුණාරත්න ලකුණු 50ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 46ක් රැස් කළා.

පන්දු යැවීමේදී ටිම් සවුති ලකුණු 64ට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායම ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 343ක් පිටුපසින් පසු වුනා.

WhatsApp Group

Skip to content