Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ව්‍යාජ වාහන අංක තහඩු සකස් කරන ස්ථානයක් බණ්ඩාරගම – රයිගම ප්‍රදේශයේදී වැටලීමකට ලක් කරමින් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ස්ථානයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලියාපදිංචි අංක තහඩුවට සමාන ආකාරයෙන් අංක තහඩු නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ .

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරින්ට ලද තොරතුරක් මත බණ්ඩාරගම පොලීසිය විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

අදාළ ස්ථානයේ තිබී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යනුවෙන් ඉංග්‍රීසි අක්ෂර සඳහන් ස්ටිකර්, ව්‍යාජ ලෙස සැකසූ අංක තහඩු සහ එම ව්‍යාජ අංක තහඩු සකස් කිරීමට යොදා ගන්නා යන්ත්‍ර හා උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් සැකසීම සඳහා රුපියල් 1 800ක් වැනි මුදලක් ලබාගෙන ඇති බවයි.

WhatsApp Group

Skip to content