ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය අද උදෑසන වනවිට ඊයේ දිනයට සාපේක්ෂව යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් පවතින බව වාර්තා වනවා.

අද උදෑසන 8 වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය 123 ක් දක්වා පහළ යාමත් සමග එය යහපත් මට්ටමට වර්ධනය වී ඇති බව සදහන් .

ඊයේ එහි අගය දැක්වුණේ 191 ක් ලෙසයි .

එමෙන්ම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය පැවසුවේ 101 සිට 150 මට්ටම සංවේදී කණ්ඩායම් සඳහා සෞඛ්‍යයට අහිතකර බවයි.

මේ ඒ සමබන්ධයෙන් අදහස් පල කල ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා .

https://www.vnews.lk/storage/2022/12/SARATH-PREMASIRI-EDIT-.mp3?_=1

මේ අතර ප්‍රදේශ කිහිපයක වායු දූෂණය ඉහළ යාම හමුවේ රෝග ලක්ෂණ රැසක් මතුවීමේ අවදානම තවදුරටත් පවතින බව ශ්වසන රෝග විශේෂඥයින් ප්‍රකාශ කර තිබෙනවා .

ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පැවසුවේ , හුස්ම ගැනීමේ අපහසුතා, උගුර, නාසය හා ඇස් කැසීම හා මද උණ තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම වායු දූෂණ තත්ත්වය දීර්ඝ කාලීනව පැවැතිය හොත් ඇදුම රෝගීන්ට, කුඩා දරුවන්ට මෙන්ම ගර්භනී මව්වරුන්ට බලපෑම් ඇතිවිය හැකි බවද එම සංගමය පැවසුවා .

WhatsApp Group

Skip to content