ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා .

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබෙන බව සදහන් .

මෙහිදී කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා පැමිණෙන ගුවන් මගීන්ට දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සපයා දීම පිළිබඳව අමාත්‍යවරුන් ගේ විශේෂ අවධානය යොමු ව තිබෙනවා .

එමෙන්ම වරාය පිවිසුම් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අමාත්‍යවරුන් අතර සාකච්ඡා කෙරුණා .

රටෙහි පවතින වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, මෙම ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත් කම පිළිබඳව අමාත්‍යවරුන්ගේ විශේෂ අවධානය යොමු වූ බව සදහන් .

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්. මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් සහ වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා

WhatsApp Group

Skip to content