වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් හිමියෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා. හැටන් දිසා විනිසුරු ෆාරුක් ඩීන් මහතායි මෙම නියෝගය ලබා දුන්නේ.

නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරිය විසින් සැකකාර වෙළදසැල් හිමියා අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව ඔහු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී සැකකරු වරද පිළිගෙන තිබෙනවා.

රතු සහ සුදු බිත්තර රුපියල් 52 සිට 56 දක්වා මිල ගණන්වලට අලෙවි කරමින් සිටියදීයි සැකකාර වෙළදසැල් හිමියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

WhatsApp Group

Skip to content