Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ තවදුරටත් පෙරමුණ ගන්නට ඕස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.

අයි.සී.සීය ප්‍රකාශයට පත්කළ නවතම දර්ශකයට අනුව ඕස්ට්‍රේලියාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3668ක්.

නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ දෙවන තැන ඉන්දියාවට ද තුන්වන ස්ථානය එංගලන්ත කණ්ඩායමට ද හිමිව තිබෙනවා.

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ හත් වන ස්ථානයයි.

මේ අතර නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 193ක් ඉදිරියෙන් පසුවනවා.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 355ක් රැස් කළා.

දෙවන දිනට තරගය නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබා සිටියා.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි දී පැවැත්වෙන තරගයේ හෙට තුන්වන දිනයයි.

WhatsApp Group

Skip to content