ගැසට් නිවේදනයේ සදහන් මිලට වඩා වැඩියෙන් බිත්තර අලෙවි කරන පුද්ගලයින් සදහා දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා .

එහි සභාපති ශාන්ත නිරීඇල්ල මහතා සදහන් කලේ මෙම ගැසට් පත්‍රය ප්‍රකාරව කටයුතු නොකරන සාමාන්‍ය වෙළදාමේ යෙදෙන පුද්ගලයකුට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5ක් දක්වා දඩුවමකට යටත් වීමට සිදුවන බවයි .

වෙළද ආයතනය සමාගමක් ලෙස ලියාපදිංචි වී අදාළ ගැසට් පත්‍රය ප්‍රකාරව කටයුතු නොකරන්නේ නම් ලක්ෂ 5 හේ සිට ලක්ෂ 50 ක් දක්වා දඩුවමකට යටත් වීමට සිදු වනු ඇති බවද ශාන්ත නිරීඇල්ල මහතා මෙහෙදී ප්‍රකාශ කළා .

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් පසුගිය සිකුරාදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් පත්‍රයක් මගින් නිකුත් කරනු ලැබුවා .

මේ අතර බිත්තර අතිරික්තයක් රටේ පවතී නම් පමණක් ගැසට් මගින් මිල පාලනය කිරීම කල හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා .

එම සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත මහතා මේ බව කියා සිටියේ ඊයේ දිනයේදී මාධ්‍ය හමුවකට එක් වෙමින් .

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කලේ ඉතා ඉක්මනින් මෙම ගැසට් නිවේදනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි .

https://www.vnews.lk/storage/2023/01/NISHANTHA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content