විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර යොමු කර අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට ආරම්භ වීමට නියමිතයි .

මධ්‍යස්ථාන 2,200 කදී විභාගය පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියා .

කෙසේ වෙතත් මෙම විභාගය පැවැත්වෙන කාල සීමාව තුල දෛනික විදුලිය කප්පාදුවේ වෙනසක් කළ නොහැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ .

ඒ සම්බන්ධයෙන් සභාපතිවරයා විසින් මහජන උපයෝගීතා කොමිසමට ලිඛිතව කරුණු දක්වා ඇති බවද වාර්තා වනවා .

විදුලිය නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවීමත්, ඊට ප්‍රමාණවත් මුදල් නොමැතිවීමත් මත එම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට නිර්දේශ කළේ, විභාගය පවත්නා කාලසීමාවේ දෛනික විදුලිය කප්පාදුව රාත්‍රී 7.00 න් පසු සිදු නොකරන ලෙසයි.

WhatsApp Group

Skip to content