වැලිගම – දෙනිපිටිය පාලම අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව ඔහුගේ පුත්‍රයා බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම පුද්ගලයන් දෙදෙනා ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ මෘත ශරීරය වැලිගම – වලාන රජයේ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

WhatsApp Group

Skip to content