නයිජීරියාවට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම නයිජීරියාවේ බන්ධනාගාරයක කොටසක් කඩා වැටී තිබේ.

සිදුවීමෙන් එහි සිරකරුවන් 118 දෙනකු පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වේ.

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස් ඇත.

පලා ගිය සිරකරුවන්ගෙන් 10 දෙනකු නැවත අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වී ඇතැයි ද, සෙසු සිරකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

WhatsApp Group

Skip to content