Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලිබල මණ්ඩල සේවකයන්ගේ රාජකාරියට බාධා එල්ල කල සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මෙලෙස අදාළ පුද්ගලයා විසින් සිදු කර ඇත්තේ ගාස්තු නොගෙවීම හේතුවෙන් සිය නිවසේ විදුලිය විසන්දි කිරිමට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයන්ටයි .

සැකකරුගේ නිවසෙහි රුපියල් තිස් දහසක පමණ හිග මුදලක් විදුලි බිල නොගෙවිම හේතුවෙන් පැවති බවද වාර්තා වුණා .

සැකකරු විසින් විදුලිය විසන්ධි කිරිමට පැමිණි මණ්ඩලයේ සේවකයින් බිය වද්දා , රාජකාරියට බාධා කර තිබෙනවා .

ඒ අනුව විදුලි බලමන්ඩලයේ සේවකයෙකු හක්මන පොලිසිය වෙත කල පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයෙන් අනතුරුවයි මෙම අපේක්ෂකයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කලේ .

අදාළ පුද්ගලයා මෙවර පලාත්පාලන මැතිවරණය සදහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් හක්මන ප්‍රදේශිය සභාවට තරඟ වදින අපේක්ෂකයකු බව මූලික විමර්ශනවල දී අනාවරනය වී ඇති බව සදහන් .

හක්මන මුරුතාමුරය ප්‍රදේශයේ පදිංචි සැකකරු අද දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත වනවා .

WhatsApp Group

Skip to content