ශ්‍රී ලංකාවේ පිහිටි තම නියෝජිත කාර්යාල වසා දැමීමට ජපාන සමාගම් දෙකක් තීරණය කර තිබෙනවා.

විදෙස් වාර්තා අනුව මෙලෙස වසා දමනු ලබන්නේ ජපාන තයිසේ සහ මිට්සුබිසි සමාගම්වල මෙරට කාර්යාලයි .

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථීක තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ සමාගම් මෙම තීරණයට එළැඹී ඇති බව වාර්තා වනවා .

ඒ අනුව මිට්සුබිසි සමාගමේ මෙරට කාර්යාලය මාර්තු මාසයේ වසා දැමීමටයි නියමිතව ඇත්තේ .

අසල්වැසි රටවල නියෝජිතයින් විසින් තයිසේ සමාගම දැනට සිදු කරනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද විදෙස් වාර්තා වල සඳහන් වනවා .

WhatsApp Group

Skip to content