Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අදියර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වී ඇති අතර, එහිදී මේ පිළිබඳ අනාවරණ වුණා.

විදුලිබල මණ්ඩලයේ දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලිබිල සියයට 70 කින් වැඩිවිය යුතු බවටයි විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව, ජනවාරි සහ ජුනි මාස වලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බවයි විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තු අනුකමිටුවට දන්වා තිබෙන්නේ.

WhatsApp Group

Skip to content