Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලෝක ප්‍රකට මේන් ෂිෆ් නෞකාව මෙරටට පැමිණීම හේතුවෙන් දින 2ක් තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂයකට ආසන්න ආදායමක් ලැබී තිබෙනවා.

සංචාරකයින් 2500කට වැඩි පිරිසක් රැගත් මේන් ෂිෆ් නෞකාව කොළඹ වරායට සේන්දු වුණේ පෙරේදා පෙරවරුවේ දී.

දිගින් මීටර් 296ක් වන මෙම නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 900 දෙනෙකු සමගින් ඕමානයේ මස්කට් වරායේ සිට මෙරටට පැමිණියේ පළමු වරටයි.

නෞකාව දිගින් මීටර් 25 වන පිහිණුම් තටාකයකින් සහ තවත් ජල තටාක කිහිපයකින් සමන්විත වනවා.
ක්‍රීඩාංගනයක් සහ ව්‍යායාම පුහුණු ඒකකයකින්ද එය සමන්විතයි.

නෞකාවේ පැමිණි සංචාරකයින් යාල, කතරගම, ආදී ප්‍රදේශ රැසක ඊයේ දිනයේ සංචාරයට ද එක්වුණා.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක ද සංචාරය කළ එම පිරිසේ බහුතරයක් යුරෝපා ජාතිකයින් වන අතර ඔවුන් ඊයේ පෙරවරු 6.30ට පමණ හම්බන්තොට වරායට පැමිණියා.

කතරගම, යාල,බුන්දල, රිදියගම, උඩවළව ආදී ප්‍රදේශවල සංචාරය කළ එම පිරිසට පහසුකම් සැලසීමේ කටයුතු සඳහා නිසි යාන්ත්‍රණයක් සකසා නොතිබීම හේතුවෙන් එම පිරිස දැඩි අපහසුතාවට පත්වූ බවටයි පැවසුනේ.

මේන්ෂිෆ් මගී ප්‍රවාහන නෞකාව ඊයේ රාත්‍රියේ හම්බන්තොට වරායෙන් මැලේසියාව බලා පිටත්ව ගියා

WhatsApp Group

Skip to content