Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකක් යටතේ විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මන්ඩලයේ අතිරේක මණ්ඩල සාමාන්‍යාධිකාරී මොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළා.

ඒ අනුව විදුලිබිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වන විට පවතින පාඩුව පියවා ගැනීමට නම්, විදුලිබිල 70 % කින් පමණ වැඩි විය යුතු බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

විදුලි ගාස්තු පසුගිය කාලයේ දී වැඩි කිරීමක් සිදුකළ ද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලිබිල වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් මෙලෙස අනුමැතිය ලබාගෙන තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේ දී 75 % ක ගාස්තු වැඩි වීමක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදීම සිදුකළා.

WhatsApp Group

Skip to content