සියයට 65කින් විදුලි ගාස්තු ඉහල දැමීමට අදාළ යෝජනාව ඇතුලත් පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනවා.

එම අනුමැතියෙන් පසු යෝජනවා මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කිරීමට නියමිත බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ලබා දී ඇති උපදෙස් මත ජනවාරියේ සිට විදුලි ගාස්තු ඉහල දැමීම අනිවාර්ය කර ඇති බවද සඳහන්.

සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව ඉහල දැමීමට යෝජනාකර ඇත්තේ.

ඒ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා.

ඒකක 31 සිට 60 දක්වා දැනට ඒකකයකට රුපියල් 10ක් අය කරන අතර එය රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් නියමිතයි.

එමෙන්ම 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අයකරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට සහ ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයටද දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගැනීමත් යෝජනාවට ඇතුලත්.

විදුලිබිල නැවත වරක් ඉහල දැමුවහොත් මෙරට කර්මාන්ත අංශයේ පසුබෑම තවත් වේගවත් වන බව මහජන උපයෝගීතා කොමිසන් සභාවේ පාරිභෝගික උපදේශක කමිටුව පවසනවා.

කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් එම කමිටු සාමාජිකයන් මේ බව සදහන් කලා .

https://www.vnews.lk/storage/2023/01/VIDULI-EDIT-.mp3?_=1

විදුලිබල මණ්ඩලයේ තාක්ෂණ ඉංජිනේරු හා අධිකාරිවරුන්ගේ සංගමයද මාධ්‍ය හමුවක් කැදවමින් විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහි සභාපති ඒ ජි යු නිශාන්ත මහතා …

https://www.vnews.lk/storage/2023/01/NISHANTHA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content